Saturday, May 4, 2024

නකල්ස් රක්ෂිතයේ එළිපෙහෙලි කිරීම් සොයන්න නිලධාරීන් කණ්ඩායමක්

Must read

නකල්ස් රක්ෂිතයේ , පන්විල ඉහළ කලාපයේ සිදුකෙරෙන අනවසර එළිපෙහෙළි කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා අද දිනයේ නිලධාරීන් කණ්ඩායමක් යොමුකර ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පරිසර නීති උල්ලංඝණය කරමින් නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කිරීමේ සිදුවීමක් ඊයේ වාර්තා වූ අතර ඉන්  පසු සිදුකල සොයාබැලීමකදී අනාවරණය වී ඇත්තේ එළවළු වගාවක් සඳහා එම එළිපෙහෙළි කිරීම සිදුව ඇති බවයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ මහතා පැවසුවේ සංරක්ෂිත වනාන්තරයට අදාළව නීති විරෝධී කටයුත්තක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

මෙසේ රක්ෂිත කලාපය එළිපෙහෙලි කරන පුද්ගලයන් විසින් මෙම ඉඩම පෞද්ගලික ඉඩමක් බව පැවසූවත් ඊට අදාළ ලිපිලේඛන කිසිවක් අදාළ ආයතන වෙත ඉදිරිපත් කර නොමැති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව මෙම ඉඩමේ පුද්ගලික හිමිකාරීත්වය පිළිබදව තොරතුරු නොමැති බවත් වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article