Sunday, September 13, 2026
spot_img

1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු  ගොවි උද්ඝෝෂණය

Must read

 

මඩකලපුව | 2026.09.12 | රුද්‍රන්

මයිලත්තමඩු – මාදවනෛ ප්‍රදේශයේ ගොවීන්ගේ ගවයන් සඳහා තණබිම් ලබා දෙන ලෙස ඉල්ලමින් පවත්වාගෙන යන අරගලය දින 1092ක් ඉක්මවා ගොස් ඇති නමුත් තවමත් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව ගොවීහු පවසති.

තමන්ට අයත් තණබිම් පිළිබඳ විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ගොවීන් අද මාධ්‍ය හමුවක් පවත්වා තම ස්ථාවරය ප්‍රකාශ කළහ.

ගොවීන්ගේ චෝදනා
1. ක්‍රියාත්මක නොවූ තීරණ- මයිලත්තමඩු – මාදවනෛ තණබිම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ගත් බොහෝ තීරණ තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර නොමැත.
2. අනවසර පදිංචි කිරීම් – මේ වන විටත් මයිලத்தමඩු ප්‍රදේශයේ සිදුවන අනවසර පදිංචි කිරීම් හේතුවෙන් ගොවීන්ට අයත් තණබිම් වගාවට සහ පදිංචියට යොදා ගනිමින් ඇත.
3. ජීවනෝපාය අර්බුදය- මේ නිසා ගවයන් සඳහා තණබිම් නොමැති වීමෙන් ගොවීන්ගේ ජීවනෝපාය දැඩි ලෙස බලපා ඇත.

තමන්ට අයත් තණබිම් වහාම ලබා දී ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස රජයෙන් ගොවීහු ඉල්ලති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article