Friday, May 17, 2024

ෆේස් බුක් නිසා මැතිව් අවුලෙන් !

Must read

ෆේස් බුක් නිසා මැතිව්ස් අවුලෙන්

ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රිකට් අනාගතය අදුරු කිරීමට සමාජ ජාල වෙබ් අඩවි හරහා සුලු පිරිසක් උත්සහා දරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි – 20 තරගයේදී එම පිරිසට මැතිව්ස් පිත්තෙන් පිළිතුරු ලබා දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේය.

ෆේස්බුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවි හරහා ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කළයුතු බවට ඉකුත් දිනවල විවිධ සටහන් පළවිය.

මේ හේ්තුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ද මානසික වශයෙන් දැඩි කල කිරීමකට පත්ව සිටි බවයි තිලංග සුමතිපාල පැවසුවේය.

දිගින් දිගටම සමාජ ජාල වෙබ්අඩවි හරහා එල්ල වන මෙම චෝදනා හේතුවෙන් වරෙක මැතිව්ස් නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තමන්ගෙන් ඉල්ලීමක්ද කළබව තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.
http://www.sundayapple.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article