Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ළමා ශ්‍රමිකත්ව දිනය අදයි .

Must read

“දරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය යහපැවැත්ම” තේමාව කරගත් ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද (12)ට යෙදී ඇත.

ලොව සෑම රටකම අනාගතය තීරණය කිරීමෙහිලා ප්‍රමුඛතම සාධකයක් වන ළමා පරපුරේ ආරක්ෂාව,අධ්‍යාපනය මෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පිලිබවද අවදානය යොමු කිරීම රටක වැඩිහිටි පරපුරේ ප්‍රධානතම වගකීමකි. මෙම වගකීම් පැහැර හරිමින් දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතා කිරීම අද සමාජයේ මෙන්ම මින් පෙර සමාජයේද අපට දැක ගැනීමට හැකි විය. මේ ආකාරයෙන් දරුවන් ශ්‍රමිකයන් ලෙස යොදා ගැනීමට හේතු වශයෙන් යම් රටක  ආර්ථිකය මෙන්ම ජනතාවගේ අධ්‍යාපන මට්ටමද ,සංස්කෘතියය සෘජු බලපෑමක් ඇති කරන බව අපගේ හැගීමයි. එයට හේතු වන්නේ එම කරුණු සදහා වැඩි අවදානයක් ලබාදෙන සාදාචාරය අතින් දියුණු රටවල් වල ළමා ශ්‍රමිකත්වය දැක ගත හැක්කේ ඉතාමත් කලාතුරකින් වීම නිසාය. කෙසේ හෝ මේ වන විට ශ්‍රී ලංකාවේද ළමා ශ්‍රමික්තවයේ යම් අඩුවීමක් දක්නට ලැබීම සම්බන්දයෙන් රාටක් වශයෙන් අපට යම් සතුටක් ලබාගත හැකිය.
ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1929 ට දැනුම් දෙන්න යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article