Saturday, May 18, 2024

හූ නොකියන බව පොරොන්දු වූනොත් පොහොට්ටුවේ වේදිකාවට එනවා – ගෝඨාට පක්ෂ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්

Must read

පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක වේදිකාවට ගොඩ වන්නටනම් ‘හූ’ කියමින් අනවශ්‍ය බාධාකිරීම් නොකරන බවට ගෝඨාබය රාජපක්ෂ විසින් සහතිකයක් ලබාදිය යුතු බවට ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් තීරණයක් ගෙන ඇතැයි වාර්ථා වෙයි.

පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරම්භක ප්‍රචාරණ රැළියේදී ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වේදිකාවේ අදහස් දක්වමින් සිටින විටි කිසියම් පිරිසක් විසින් හූ කිවීමේ සිදුවීමක් සිදුවිය. ඒ සම්බන්දයෙන් ඒ මහතාගෙන් සිදුකල විමසීමදී ඒ මහතා සදහන් කර සිටියේ ඇතැම් පිරිස් වලට මෙම පක්ෂ දෙක එක්වීමේ වැදගත්කම නොවැටහෙන බවත්, එවැනි අයගේ විරෝධය ගණනට නොගන්නා බවත් පවසන ශ්‍රීලනිප ජාතික සංවිධායකවරයා, ශ්‍රීලනිප පාක්ෂකයන් ගෙන්ද පොදුජන පෙරමුණු නායකයන්ටද මෙවැනි ප්‍රතිචාර ලැබීමේ ඉඩක් ඇති බවත්, ඒවා පුංචි දේවල් ලෙස සලකා කටයුතු කළ යුතු බවත්ය.
එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමටනම්  ශ්‍රීලනිප පාක්ෂිකයන් හා පොදුජන පෙරමුණු පාක්ෂිකයන් වෙන වෙනම ආමන්ත්‍රණය කිරීම කල යුතු බවත් ඒ සදහා වෙනම දේශපාලන රැස්වීම් සදහා සහභාගී වීමට තීරණය කර ඇති බවත් ඒ මහතා සදහන් කර ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article