Friday, May 3, 2024

හිටපු උපකුලපතිවරයාට පහරදුන් සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසියි

Must read

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති හා භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහුගේ පුතා අතුලු පවුලේ සාමාජිකයන්ට නිවසටත් පහර දීමේ සිදුවීමට සම්බන්ද බවට මේ වන විට හදුනාගෙන ඇති සිසුන් දස දෙනකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා උපුටාදක්වමින් ලංකදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

මහාචාර්යවරයාගේ නිවසේ සවිකොට  ඇති CCTV කැමරාවල දර්ශන හා එම අවස්තාවේදී සේවය කල නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු මත මෙම සිද්ධියට සම්බන්ද සිසුන් තවදුරටත් හදුනාගනිමින් සිටින බවත් ඉදිරියේදී තවත් සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා පවසයි.

මෙසේ ශිෂ්‍යභාවය අහෝසි වී ඇත්තේ ශාස්ත්‍ර පීඨය සහ විද්‍යාපීඨයේ අධ්‍යානය හදාරන සිසුන් පිරිසකගේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article