Sunday, May 19, 2024

හිටපු අගවිනිසුරු සරත් .එන් .සිල්වා ට එරෙහිව පෙත්සමක්

Must read

sarath-n-silva1
(12.00PM) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවා වඩුගේ  සිරිල් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන යන මහත්වරුන් විසින්  හිටපු අගවිනිසුරු සරත් .එන් .සිල්වා අධිකරණයට අපහාස කළේයැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (14) දිනයේදී පෙත්සමක් ගොනු කරනු ලැබිණි. එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා නම් කර තිබේ.

ජාතික එකමුතුව මඟින් මරදාන ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමකදී අදහස් පළ කළ හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවත් ඒ ආකාරයේම අපහාසාත්මක ප්‍රකාශයක් ඔහු විසින් ඔක්තෝබර් මස 18 වනදා ද සිදුකර ඇති බව මෙම පෙත්සම්කරුවන් කියා සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article