Thursday, January 23, 2025

හතර වටේට ණය වුන තෙල් සංස්ථාව සහ ඉන්ධන අර්බුදය ?

Must read

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි එම බැංකු ආරංචි මාර්ග මාර්ග කියයි.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 3700 ක් හෙවත් රුපියල් කෝටි 74,000 ක් රාජ්‍ය බැංකු දෙකට ණය වී සිටීම නිසා තව දුරටත් ණය නොදෙන ලෙස එම බැංකුවලට මහ බැංකුව උපදෙස්දී ඇති බවත් තෙල් සංස්ථාව දීර්ඝ කාලයක සිට ණයට තෙල් විකිණීම මෙයට හේතුව බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසු බව ලංකාදිප‌ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කොටි 8000 සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කෝටි 6300 ණයට තෙල් ලබාගෙන මුදල් ගෙවලා නොමැතිවීම නිසා ඛනිජ තෙල් සංස්ථාව ණයකාරයෙක් බවට පත්ව ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ ඒ හේතුවෙන් තව දුරටත් එම ආයතනවලට ණයට තෙල් සැපයීම නතර කළ බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article