Sunday, May 19, 2024

සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු පළාතට තද වැසි

Must read

ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීම හේතුවෙන් උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරසිටියි.

‘මැන් ඩුවොස්’ ලෙස නම් කර ඇති මෙම සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දී ඇත්තේ මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙසත්,  නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට ද නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article