Monday, April 29, 2024

සුදුවෑන් වලට එරෙහි අම්පාර උද්ඝෝෂණයට හිමිනමක් ඇතුළු පිරිසකගෙන් බාධා ?

Must read

brito1ampara 1සුදුවෑන් නැවත හිස එසවීමට එරෙහිව මැයි  (5) දින අම්පාර දිස්ත්‍රික්  ලේකම් කාර්යාලය  ඉදිරිපිට පැවැත් වූ අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කළ සාම කාමී උද්ඝෝෂණයට හිමිනමක් ඇතුලූ පිරිසක් පැමිණ පරුෂ වචනයෙන් බැන වදිමින් ඊට බාදා කර තිබේ.

පසුගියදා අම්පාර දිස්ත්‍රික්කයේ තම්බිලිවිල් හි දී පුද්ගලයෙකු සුදුවෑන් රථයකින් පැමිණ පැහැරගෙන යනු ලැබු අතර පසුව ඔහු ත්‍රස්ත විමර්ශණ අංශයෙන් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ විය. ඉන් අනතුරුව තවත් පුද්ගලයෙකු මානව හිමිකම් කොමිසමේ ත්‍රිකුණාමල කාර්යාලයේ දී පැහැරගෙන යනු ලැබූ අතර, පසුව ඔහු ද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ විය.

මෙසේ නීති විරෝධීව පුද්ගලයන් නැවත පැහැරගෙන යාමට එරෙහිව අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව විසින් අම්පාර නියෝජ්‍ය පොලිස්පති හා අම්පාර දිස්ත්‍රික් ලේකම් වෙත මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට සදහන් ප්‍රකාශයක් අද දින ලබා දීම සිදු කරනු ලැබූ අතර, එම කාර්යාලයන් ඉදිරිපිට දී සාමකාමී විරෝධතාවයක්ද පවත්වනු ලැබීය.

මෙසේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවයේ දී හිමිනමක් ඇතුලූ 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ එම උද්ඝෝෂණයට බාදා කරමින් පැමිණ සිටි අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් ඊට බාධා කර තිබේ.
එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන්ට මෙම බාධාවන් නතර කරන ලෙසට මෙහි සංවිධායකයින් විසින් දන්වා සිටිනු ලැබුවත් පොලිසිය එය වැලැක්වීමට අවශ්‍ය පියවර ගෙන නොමැති බව ද වාර්තා වේ.ampara 2ampara 3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article