Monday, April 29, 2024

බයිසිකලයෙන් ජීවිතය පැද යන ‘බයිසිකල් සෝමාට‘ මොහොතකට කන්දෙන්න.

Must read

අම්බලන්තොට වැලිපටන්විල පදිංචි සෝමා වැලිගත්ත නම් ඇය කුඩා කල සිටම බයිසිකලයට පෙම් බැදී නිසාම ජයග්‍රහණ රාශියක් අත්පත් කරගන්නට හැකියාව ලැබුණි. ඒ නිසාම ඇයට “බයිසිකල් සෝමා”යනුවෙන් නමක්ද පටබැදුනි. මේ වන විට 69 වැනි වියේ පසුවන ඇය තවමත් පිරිමියෙකුට නොදෙවෙනි ලෙස වැඩ කටයුතු කරමින් ජීවිතය ජය ගන්නට අපමණ වෙහෙසක් දරන්නිය.

මේ ඇය පිලිබදව ලියැවෙන සටහනකි.

මම පාසල් ගියේ අම්බලන්තොට වැලිපටන්විල විදුහලට. දැන් මට අවුරුදු 69 ක් වෙනවා. පුංචි කාලේ ඉදලම මට බයිසිකල් පදින්න ලොකු අශාවාක් තිබුනා. මුලින්ම 1977 වසරේ හම්බන්තොට දිස්ත්‍රික් පාපැදි සවාරියට සහභාගී වෙලා ජයග්‍රහණයක් ලබා ගත්තා. එයින් පස්සේ පළාත් මට්ටමේ තරග වලට සහභාගී වුනා. 1990 වර්ෂයේදී මහවැලි අමාත්‍යාංශය මගින් පැවැත්වූ සමස්ත ලංකා පාපැදි තරගාවලියට සහභාගිවෙලා ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ දවස්‌වල මේ පැත්තේ පාපැදි සවාරියක් තිබුනොත් මම ඒකට අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා. ඒ නිසාම ගමේ අය සියලුම දෙනා මට කිව්වේ බයිසිකල් සෝමා කියලා. ඊට අමතරව මලල ක්‍රීඩා වලිනුත් මම ජයග්‍රහණයන් ලබලා තියෙනවා. හෙල්ල විසි කිරීම, පිහිනුම් තරග වලිනුත් ජයග්‍රහණ ලබලා තියෙනවා.

සැමියා මාව අතහැරලා ගියාට පස්සේ මගේ ළමයි තුන්දෙනා ජිවත් කරන්න ලොකු වෙහෙසක් ගන්න මට සිද්ධ වුනා. ඒත් මම පසු බැස්සේ නැහැ, මගේ පොඩි කුඹුරු කැල්ලක් තියෙනවා .ඒ කුඹුරේ නියරවල් බදින්නේ, වී වපුරා ගන්නේ, පොහොර ගහන්නේ මම තනිවමයි. මට ඒ හැම හැකියාවක්ම තියෙනවා. ඊට අමතරව ගොඩ ගොවිතනුත් කරනවා. වැලිපටන්විල වැඩිහිටි සමිතියේ ආරම්භයේ සිට අද දක්වාම සභාපති වෙලා ඉන්නෙත් මම. ඉතින් මගේ සියලු කටයුතු කරගන්න අදටත් මම ගමන් බිමන් යන්නේ මගේ මේ බයිසිකලයෙන්ම තමයි යැයි ඇය පැවසිය.

රෝහණ ආරියරත්න – හම්බන්තොට

soma_2 soma_1 soma_5 soma_4 soma_3soma_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article