Friday, September 20, 2024

සීමාවන් යටතේ ආගමික කටයුතු සදහා අවසර

Must read

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කල නිවේදනයකට අනුව ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා ජූනි මස 12 වන සිකුරාදා සිට අවසර ලබා දී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික පූජ්‍යස්ථානයකට (එම පුජ්‍ය ස්ථානයට අයත් ගොඩනැඟිලි හා එළිමහන් ස්ථාන ඇතුළුව ) රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා වෙයි.

නමුත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටිමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් එක් අවස්ථාවක රැඳී සිටිය හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article