Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

සිදුවීම් සම්බන්දයෙන් 24ක් අත්අඩගුවට

Must read

 

සාමාන්‍ය පුද්ගලයන් 207 කට මරු කැඳවමින්, කතෝලික දේවස්ථාව සහ සංචාරක හෝටලවල කෙරුණු බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් 13 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය කියයි. ආරක්ෂක සේවා බලධාරීන් අද (22) උදෑසන මෙමතොරතුරු හෙළිදරව් කර තිබේ.

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිදරව් නොකෙරිණ. බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් වරින් වර අත්අඩංගුවට ගන්නා ලද ගත් පුද්ගලයන් 24 දෙනකු කොළඹ අවට රඳවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් 8 න් අඩුතරමේ දෙකක් වත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව පොලිසිය කියයි.

සිදුවීම් සම්බන්ධයෙන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නිවසක් ඇතුළත සිටි අය බෝම්බ පුපුරුවාගැනීම නිසා පොලිස් නිලධාරීහු තිදෙනෙක්ද ජීවිතක්ෂයට පත්වූහ

(Lankadeepa lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article