Saturday, May 18, 2024

සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් මඩකලපුවේදී ප්‍රදර්ශණයක්..

Must read

මේ වසරේ පැවැත්වෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි අභිමානි 2017 නමින් අත්කම් ප්‍රදර්ශණයක් පසුගිය දිනක මඩකලපුව ප්‍රදේශයේදී පවත්වා තිබෙනවා.ඒ සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ සමෘද්ධි කොට්ටාස 14කින් සමෘද්ධිලාභීන් තන්ගේ නිර්මාණ ඉදිරිපත් කර තිබුණා.

තල් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, සාම්ප්‍රදායික ආහාර වර්ග. අත්කම් භාණ්ඩ,සහල් පිටි වලින් සැකසූ ආහාර,හා ඉවතලන ද්‍රව්‍යයන්ගේන නිර්මාණය කරල ලද ප්‍රදර්ශන භාණ්ඩ, කාබනික පොහොර වලින් පලදැරූ එළවළු හා කුඩා ළමන් සදහා වන සෙල්ලම් බඩු වැනි ප්‍රදර්ශන භාණ්ඩ රැසක් මෙ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.

සමෘද්ධිලාභීන් වැනි අඩු ආදායම්ලාභී පවුල් වලින් ඉදිරිපත් කරන නිර්මාණ ප්‍රදර්ශනයේදී එයට පැමිණෙන පිරිස් වෙත විකිණීමෙන් ලැබෙන ආදායම එම අඩු ආදායම්ලාභී පවුල් වල අළුත් අවුරුද්ද සැමරීම සපයා දීම මෙම ප්‍රදර්ශණයේ ප්‍රධාන අරමුණ වී තිබීම විශේෂත්වයකි.

charles-c

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

http://supeedsam.ch ඇසුරිණි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article