Monday, April 29, 2024

සමාජ මාධ්‍ය ආචාර ධර්ම ගැන කියන රාජ්‍ය ඇමති !

Must read

මෙරට භාවිතා කරන සමාජ මාධ්‍ය සඳහාද මාධ්‍ය භාවිතා කරන ආයතන වලට තිබෙන ආචාර ධර්ම පද්ධතිය හදුන්වාදීම වැදගත් බවත්, ඒ හරහා රටක් ජාත්‍යන්තර අප කීර්තියට  පත් කිරීම වැලැක්විය හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසු බව දිණමිණ වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

  එසේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව මුලාවට පත් කර ජාත්‍යන්තර වශයෙන් රට අප කීර්තියට පත් කිරීමට උත්සහ දරන්නන් හට දැඩි විරෝධතාවලියක් දැක්වීමට සුදානම් බව ද මැදවච්චිය නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා සදහන් කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට රාජපක්ෂ ආණ්ඩුව දැවැන්ත විවේචනයකට ලක්ව ඇත්තේ සමාජ මාධ්‍ය හරහාය. ඒහි බලපෑමේ තරම ඇමතිවරුන්ට වැඩියෙන්ම දැනෙන බව සේමසිංහගේ ප්‍රකාශයෙන් පවා පැහැදිලිය.

ආචාර ධර්ම රකින්නේ නැති ජනතා නියෝජිතයන් දැන් සමාජ මාධ්‍ය වලට අචාර ධර්ම හදුන්වාදිමට පෙරට ඒම සැබැවින්ම විහිළුයක් වුවද , සමජා මාධ්‍ය භාවිතා කරන්නන් එය ආචාර ධාර්මික සිමාවක සිට භාවිතා කිරිමට කටයුතු නොකරන්නේ නම් සමාජ මාධ්‍යයේ නිසි හැසිරවිම අවභාවිතයේ යෙදිමට ඒ අය කටයුතු කර ඇතැයි යන චෝදනාවෙන් ගැලවිමටද එවැනි අයට කිසිසේත්ම හැකි නොවනු ඇත.
මේ නිසාම රජය හෝ කව්රුවන් හෝ පනවන්නට යන ආචාර ධර්ම වෙනුවට තමන් විසින් ආචාරධාර්මික සමාජ මාධ්‍ය හැසිරිමේ සංස්කෘතියක් ගොඩනැගිමට මුල්විම ඉතාමත් වැදගත් බව අවධාරණය කළ යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article