Sunday, May 19, 2024

සතොසෙ බඩු ලාභයිද ?

Must read

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අද (01දා) සිට පහළ දැමීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබේ

ඒ අනුව රතු කැකුළු කිලෝවක් රුපියල් 6 කින් අඩු කරමින් රුපියල් 199 ක් දක්වාත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 15 කින් අඩු කරමින් රුපියල් 225 ක් දක්වාත්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 30 කින් අඩු කරමින් රුපියල් 225 ක්දක්වාත් සහ හාල්මැස්සන් කිලෝවක් රුපියල් 150 කින් අඩු කරමින් රුපියල් 1150 ක් දක්වාත් මිල අඩුකර තිබේ.

සියලුම සතොස අළෙවිසල්වලින් මෙම සහන මිලට හෙට (1) සිට මෙම මිල ක්‍රියාත්මක වන බව ද සතොස පවසයි.

මේ අතර පාරිභෝගිකයන් පවසා සිටින්නේ  ඇතැම් විට ඒ ඒ ප්‍රදේශවල පවතින තොග කඩවල මිළ ගණන් සතොසට වඩා අඩුබවය.

විශේෂයෙන්ම ලොකු ලුණු වල මිළ රු 225 ක් ලෙසින් සතොස සටහන් වෙද්දි බොහෝ ප්‍රදේශවලදි ලොකුලුණු කිලෝවක් රු 180 ත් 190 ත් අතර මිළකට ලබාගත හැකිව තිබේ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article