Sunday, April 28, 2024

සංචාරක ආකර්ෂනය වැඩි කරගැනීමට ශ්‍රී ලංකාවෙන් Free visa

Must read

මෙරටට විදේශීය සංචාරකයන් පැමිනීම අඩුවන කාල සීමාව ඉලක්ක කරගනිමින් එළඹෙන අප්‍රේල් 01වනදා සිට මාස 6ක කාලයක් සදහා පැමිණෙන සංචාරකයන්ට නොමිලේ වීසා ලබාදීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර තිබේ.සංචාරක සංවර්ධන,වනජීවී හා ක්‍රිස්තියානු කටයුතු අැමති ජෝන් අමරතුංග මහතා විසින් මේ සම්බන්දයෙන් සිදුකල යෝජනාවට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙලෙස නොමිලේ වීසා ලබාදීමට බලාපොරත්තු වන්නේ තායිලන්තය,එංගලන්තය,ඔස්ට්‍රේලියාව,දකුණු කොරියාව,කැනඩාව,ඇමරිකාව,සිංගප්පූරුව,මැලේසියාව,නවසීලන්තය හා යුරෝපා සංගමයේ රටවල් වලින් මෙරටට පැමිණෙන සංචාරකයන්ටය.

මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වන්නේ දිවයින තුල වෙසක්, පොසොන් වැනි බෞද්ධ ආගමික උත්සව රාශියක් පැවැත්වෙන කාලසීමාවක මෙරටට සංචාරක ආකර්ශනය වැඩි කරගැනීමයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article