Friday, May 17, 2024

සංචරණ සීමා නිසා අසරණ වී ඇති වාකරේ ආදීවාසීන්ගේ දුක බැලීමට පොලිස් අධිකාරීවරයා යයි

Must read

වාකරේ ප්‍රදේශයේ ගමන් තහනම හේතුවෙන් කුසගින්නෙන් පෙළෙන මඩකලපුවේ ආදීවාසී පවුල් වෙත මඩකලපුවේ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරීවරයාගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඔවුන්ගේ ගම්මානයට ගොස් සහනාධාර  බෙදා දුන්හ.
නායක නල්ලතම්බි වේලායුදම් මහතා පැවසුවේ ගෝත්‍රික ජනතාවගේ දුක්ගැනවිලි විභාග කිරීමෙන් අනතුරුව පොලිස් අධිකාරීවරයාගේ මඟ පෙන්වීම යටතේ මෙම පියවර ගෙන ඇති බවයි. පනිචන්ගනි, මැන්ගනි, කිරිමිචායි, කුංචන් කල් කුලම් සහ කොකුවිල් වැනි ගම්මානවල තෝරාගත් පවුල් සඳහා සහන පැකේජ බෙදා දෙන ලදී. පොලිස් අධිකාරීගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ආහාර ද්‍රව්‍ය ලබා දීම පිළිබඳව ආදීවාසී නායකයා ස්තූතිය පුද කළ අතර අනෙකුත් ගම්වල වෙසෙන ඔවුන්ගේ ජනතාවට ද සහනාධාර  දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවට සහකාර පොලිස් අධිකාරීරයා  පී.එම්. ජයසුන්දර, මඩකලපුවේ පොලිස් මූලස්ථාන භාර නිලධාරී බී.කේ හෙට්ටිආරච්ච ඇතුළු පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් සහභාගී වූහ.


රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article