Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් ජීවන් වන නිවස්නයේ පුද්ගලයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වෙයි

Must read

අතිඋතුම්  ශුද්ධෝතම  ෆ්‍රැන්සිස් පාප්තුමන් ජීවන් වන නිවස්නයේ පුද්ගලයෙකුට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව වතිකානය විසින් නිවේදනය කර ඇත.

එම පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්දයෙන් හෙලිදරව්වක් කර නොමැති අතර ඔහු මේ වන විට ‘සැන්ටා මාර්තා’ නිවස්නයෙන් ඉවත්ව  නිරෝධායනයට යොමුව ඇති බවත් ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් වාර්තා වෙයි.

එම ආසාදිත පුද්ගලයා සෘජුව සම්බන්දකම් පැවැත්වූ සියලු දෙනා හා ඔහු මුණගැසුණ සියලු පුද්ගලයන් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවද වතිකානය විසින් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් පාප්තුමන් සිය දෛනික රාජකාරී සුපුරුදු වශයෙන් සිදුකරන බවත් එතුමන් නිරන්තරයෙන් පීසීආර් පරීක්ෂණ වලට යොමු කරන බවත් වාතිකානය විසින් නිකුත් කල නිවේදනයේ තවදුරටත් දැක්වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article