Friday, September 20, 2024

ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට ප්‍රථම වරට විභාග ප්‍රවේශපත්‍රයක්

Must read

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම් කළ සියලු විභාග අපේක්ෂකයින්ට මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.එම විභාග ප්‍රවේශපත්‍රයේ විභාග අංකය සහ අයැදුම්කරු විභාගයට පෙනී සිටිය යුතු විභාග මධ්‍යස්ථානය සඳහන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. අදාල ප්‍රවේශ පත් මේ වන විටත් පාසල් වල විදුහල්පතිවරුන් වෙත යොමුකර ඇත.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතව ඇත. මධ්‍යස්ථාන 2936 කදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 331,694 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article