Monday, September 14, 2026
spot_img

බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 49කට තුවාල

Must read

අද (02) උදෑසන පුද්ගලික බස් රථයක් හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසේ දී මාර්ගයෙන් අඩි 25ක් පමණ පහළ ප්‍රපාතයකට පෙරළීමෙන් තුවාල ලැබූ ගණන මේ වන විට 49 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

අනතුරින් බස් රථයේ රියදුරු, පාසල් ළමුන් ඇතුළු තුවාල ලැබූවන් හැටන් ග්ලැන්කන් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

බස් රථයේ ඉදිරිපස රෝදයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය අනතුරට ලක්ව මෙලෙස අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරළී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Photo – Lankadeepa.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article