Sunday, April 28, 2024

ශ්‍රී ලංකාව හා ද.අප්‍රිකාව අතර තීරණාත්මක අවසන් තරගය අද

Must read

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තුන්වැනි තරගය අද (7 වැනිදා) ප.ව.2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රීලංකාව හා දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට එක් තරගය බැගින් ජය ගෙන තිබීම හේතුවෙන් අද (7 වැනිදා) තරගය ජය ගන්නා කණ්ඩායම 2-1කින් තරගාවලි ජයග්‍රහණයට හිමිකම් කීමට නියමිතය.
යම් හෙයකින් ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගන්නේ 2013 වසරින් පසුවය. එසේම ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලබා ඇත්තේ 2020 වසරේ පෙබරවාරි මාසයේදීය.

එමෙන්ම අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශේෂ වන්නේ 2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට එක එල්ලයේ සුදුසුකම් ලැබීමටනම් ලෝක කුසලාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වීමයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article