Saturday, May 11, 2024

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකල හැකියි – රුසියානු තානාපති

Must read

ස්පුට්නික් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි පවසා ඇත්තේ  යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකි වනු ඇති බවයි. එයට හේතු වශයෙන් ඔහු සදහන් කර ඇත්තේ ශ්‍රීලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලූමයි.

ශ්‍රී ලංකා රජය පරිසර දූෂණයෙන් තොර බලශක්තියට කැමැත්තක් දක්වන බවත් ගල් අඟුරු සහ ඉන්ධන වෙනුවට ගෑස් හා විකල්ප බලශක්ති ප්‍රභවයන් මගින් ප්‍රතිස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් සදහන් කරන තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ දිගුකාලීන දෘෂ්ඨිකොණයකින් න්‍යෂ්ටික බලශක්තිය භාවිත කළ හැකි බවයි. ඒ අනුව න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීම පිළිබඳ අදහස සාකච්ඡා කළ හැකි බවත් එය දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් ක්‍රියාත්මක කළ හැකි බවත් ඔහු පැවැසීය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article