Friday, May 17, 2024

ශ්‍රී ලංකන් ගුවන්යානයක නැවතත් පිපිරීමක්.

Must read

SriLankan-airline

පසුගිය කාලය තුල ගුවන්යානය තුල පිපිරීම් සිදුවීමේ අවස්ථාවක් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් වාර්ථා වුණා.නැවතත් එවැනිම අවස්ථාවකට මුහුණ දීමට එම ගුවන්සේවයේ කාර්යමණ්ඩලයට මුහුණ දීමට සිදුවූ පුවතක් වාර්තා වනවා.

කොචී ගුවන්තොටුපලේ සිට කොළඹ දක්වා පියාසරකරමින් සිටි ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයක මගීන්ගේ හිසට ඉහලින් ඇති ගමන්මළු බහාලනයකින් හදිසියේ දුමක් පිටවන ආකාරයේ කාර්යමණ්ඩලයේ නෙත ගැටී තිබෙනවා. එහිදී ඉතාමත් ඉක්මනින් හා ආරක්ෂිතව ක්‍රියාත්මක වූ කාර්යමණ්ඩලය ගිනිනිවනයන්ද අතැතිව එම ගමන්මළු බහාලනය විවෘත කර ඇති අතර එහිදී දැකගන්නට ලැබී ඇත්තේ එම දුමාරය පිටවන්නේ ගමන්බෑගයකින් බවයි. ඉන්පසු එම ගමන්බෑගය එම ස්ථානයෙන් ඉවත් කර ආරක්ෂිතව එම දුම් පිටවීම නැවැත්වීමට කාර්යමණ්ඩලය කටයුතු කර ඇති අතර පසුව කල පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ එම ගමන්බෑගයේ ජංගම දුරකථන දෙකක් තිබී ඇත් බවයි. එලෙසම ඒ දුමට හේතුවී අැත්තේ ලිතියම් බැටරියක් බවත් හෙලිවී ඇති අර ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව එම ගුවන්සේවාවේ නිලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.

කෙසේ හෝ ගුවන්යානයේ කාර්යමණ්ඩයේ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග හේතුවෙන් වීමට ගිය විශාල අනතුරක් මගහැරී ඇති අතර ඒ නිසා ජීවිත විශාල සඛ්‍යාවක් අනතුරේ වැටීමට ගිය අවස්ථාවක්ද වැලකී ගොස් තිබෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article