Tuesday, April 30, 2024

ශ්‍රීලනිප අර්බුදයත් කරළියට : මෛත්‍රී පාර්ශවය එළිපිට ගැටෙයි.

Must read

Sri Lankas opposition presidential candidate Maithripala Sirisena speaks to media at the temple of top Buddhist monk Maduluwawe Sobitha in Colombo on November 23, 2014. Agriculture Minister Sirisena, who defected November 21 to challenge his former boss President Mahinda Rajapakse in the January 8 election, visited monk Sobitha to receive his crucial blessings in the Buddhist-majority nation of 20 million people. AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI (Photo credit should read LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය තුළ කාලයක පටන් පැවති අර්බුදය මේ මේ වන විට පාලනය කරගත නොහැකි තැනකට පත්ව ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනය වර්ජනය කිරීමට ශ්‍රීලනිප ප්‍රබලයින් රැසක් කටයුතු කර ඇත්තේද ඒ අනුව බවත් එහිදී ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම් පවා නොතකාහැර කටයුතු කරන තැනට තත්ත්වය ඔඩුදුවා ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඇමතිකම ගන්න තිලංග බෑ කියලා – ජ්‍යෙෂ්ඨයින් රැසක් මඟ හැරලා

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතාගෙන් කරන ලද ඉල්ලීමද ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් තමන් තව දුරටත් නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද සුමතිපාල මහතා දන්වා ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම අමාත්‍ය මණ්ඩල සංශෝධන අවස්ථාව වර්ජනය කිරීමට ශ්‍රීලනිපයේ කණ්ඩායමක් පෙර සුදානමක පසුවූ බවත් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනය හමුවේ ශ්‍රීලනිප පාර්ශවයෙන් පියසේන ගමගේ පමණක් රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීමට පැමිණ සිටියේද ඒ අනුව බවත් වාර්තා වෙයි.

අවසන් තීරණයක් නැති සාකච්ඡා

මේ අතර පළාත් පාලන මැතිවරණය හමුවේ සිදුවූ පසුබෑම සඳහා එකිනෙකා පිට වරද පටවා ගැනීමට පක්ෂයේ ජේෂ්ටයින් කටයුතු කිරීම හේතුවෙන් පසුගිය දින වල පැවති බොහෝ සාකච්ඡා නිශ්චිත තීන්දුවක් නොමැතිව අවසන් කරන්නට සිදුවූ බවද වාර්තා වෙයි.

ඒ පිළිබඳ පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කර සිටියේ ඊයේ (25) අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවද නිශ්චිත තීරණයකින් තොරව අවසන් වූ බවය.

එම සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වාර්තා වල සඳහන් වුයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ ඉදිරි කටයුතු සහ පවතින දේශපාලන තත්ත්වය හමුවේ නිදහස් සන්ධානය ආණ්ඩුව තුළ කටයුතු කරන ආකාරය පිළිබඳ වැඩිදුර කතාබහ කිරීමට කැඳවා තිබූ සාකච්ඡාවක් ලෙසය.

ඇමති දුමින්දගේ කට්ට පැනලා

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක කිසියම් ආවේගයකින් යුතුව මාධ්‍යවෙත අදහස් දක්වනු දක්නට ලැබුණු අතර ඒ මේ වන විට පක්ෂයේ ඉහළ නිලතල දරන පාර්ශව සම්බන්ධව පක්ෂයේ ජේෂ්ටයින් කිහිපදෙනෙකු එල්ල කර ඇති චෝදනා නිසා බව දැනගන්නට ඇත.

එහිදී දුමින්ද දිසානායක අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ පළාත් පාලන මැතිවරණය තුළ පක්ෂය ලැබූ පරාජයට මැතිවරණයට අදාලව වගකීම් දැරූ සියළු දෙනා වගකිව යුතු බවය.

එහිදී අදාළ මැතිවරණය වෙනුවෙන් පක්ෂය මෙහෙයවුයේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත බවත් මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වල වගකීම දැරුවේ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ තිලංග සුමතිපාල බව අනාවරණය කළ අමාත්‍යවරයා මහලේකම් ලෙස තමන්ද පරාජයේ වගකීමෙන් කොටසක් බාරගන්නා නමුත් මැතිවරණය වෙනුවෙන් වගකීම් දැරූ පාර්ශවද පරාජයේ වහකීම පොදුවේ බාරගත යුතු බව අවධාරණය කළේය.

එසේම පක්ෂයේ පරාජය මෙන්ම තමන් පක්ෂයේ මහලේකම් ධුරය දැරීම සම්බන්ධව තැන තැන කතා කියන බවට ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයාටද චෝදනා කළ අතර කොන්දක් ඇත්නම් පක්ෂයේ ප්‍රශ්න තැන තැන නොකියා පක්ෂ මධ්‍යම කාරකසභාවේ කතා කළ යුතු බවද අවධාරණය කර සිටියේය.

ජේෂ්ටයින් කිහිපදෙනෙක් බැසිල් සමඟ සාකච්ඡාවේ

මේ අතර ඒකාබද්ධ විපක්ෂය සඳහන් කර සිටින්නේ ශ්‍රීලනිපය නියෝජනය කරන ජේෂ්ට සාමාජිකයන් කිහිපදෙනෙකු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු තම පාර්ශවය හා සාකච්ඡා කරමින් සිටින බවය.

තවදුරටත් ආණ්ඩුවේ පාර්ශවයක් ලෙස කටයුතු කිරීම හමුවේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදී සිය ආසනය ජයග්‍රහණය කිරීමේ දුෂ්කරතාව සම්බන්ධ අර්බුදයක ඔවුන් පසුවෙන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී දේශපාලන කටයුතු වල වෙනසක් කිරීමේ අදහසක් ඔවුන්ට ඇති බව සිදුකළ සාකච්ඡා වලදී අනාවරණය වූ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
www.inforsrilankanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article