Sunday, January 12, 2025

ශ්‍රිලනිපය බරපතල අවුලක ! කාරක සභාව රැස්විමට ජංගම දුරකථන තහනම් !

Must read

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ රැස්වීමට නියමිත අතර ඒ සඳහා පැමිණීමේදී ජංගම දුරකථන ගෙන ඒමෙන් වලකින ලෙස දන්වමින් අතිවිශේෂ නිවේදනයක් එවා ඇති බව වාර්තා වෙයි.

මෙම සමස්ත ලංකා කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ  මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.30ට පමණ බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේදී ය.

මේ සම්බන්ධව නිවේදනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කර සිටියේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති බවය.

කෙසේ වුවත් මෙම ජංගම දුරකථන වාරණය සම්බන්ධව අදහස් දක්වන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මෙම අවස්ථාව එකම ගාලගෝට්ටියක් බවට පත්වීමේ අවධානමක් මතුව ඇති බවය.

ඒ  පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය සහ මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම නමින් සහ පොහොට්ටුව ලකුණින් පමණක් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බවට නිල නිවේදනයක් නිකුත් කර තිබීම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධව බරපතල අර්බුදයක් නිර්මාණය වී තිබීමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article