Monday, November 25, 2024

විල්පත්තු නඩුව කල්යයි

Must read

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපය හෙලි කොට නීතිනිරෝධී අනවසර ඉදිකිරීම් සිදුකිරීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාග කිරීම විනිසුරු ජනක් ද සි්වා මහතා හමුවට යොමු කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් ම පෙත්සම විනිසුරු ජගත්ද සිල්වා මහතා ඉදිරියේ 27 වනදා කැදවීමටත් එදිනට විභාග කිරීමටත් තීරණය වී තිබේ.

මෙම පෙත්සම මින් පෙර අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් විභාග කිරීම ප්‍රතික්ෂේප කර තිබූ අතර නැවතත් එම පෙත්සම ගොනු කර ඇත්තේ මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ වීම හේතුවෙන් මෙසේ පෙත්සම විභාගය කල් ගොස් ඇත.

මෙම නඩුවේ වගඋත්තර කරුවන් වශයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්,මධ්‍යම පරිසර අධිකාරිය , වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහියක් නම් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article