Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

චීනයට හදිසි තත්වයක් – නගර වසා දමයි

Must read

මේ වන විට චීනයේ වූහාන් ප්‍රදේශය මූලික කරගනිමින් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වන විට චීනයේ තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වී අැති බව වාර්ථා වෙයි. මේ වන විට චීනයෙන් පමණක් රෝගීන 830 දෙනෙක් වාර්ථා වී ඇති අතර ඉන් 25 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ. වෛරසය ආසාදනය වූ රෝගීන් 177 දෙනෙකුගේ තත්වය බරපතල බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

මේ වන වට වූහාන් හු හුබෙයි ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවාවන් පවා නතර කර ඇති බව වාර්ථා වෙයි.

මෙම වෛරසය ආසාදනය වන්නේ චීන ජාතිකයින් සර්පයින් හා වවුලන් ආහාරයට ගැනීමෙන් බව මේ වන විට පරීක්ෂන වලින් හෙලිවී ඇත.

මීට අමතරව චීනයෙන් පිටත රටවල් කිහිපයකින් වෛරස් ආසාදිතයින් වාර්ථා වී අතර එම ආසාදිතයන් මෑත කාලීනය චීනයේ සංචාරය කල පිරිස් බව හෙලිවී ඇත. කෙසේ වෙතත් මේ වන විට ලොවපුරා හා විශේෂයෙන් ආසියානු රටවල් වලට මෙම වෛරසය සම්බන්දයෙන් දැඩි අවදානයෙන් පසුවීම අනිවාර්ය වී ඇති අතර ප්‍රතිකාර වශයෙන් මේ දක්වා කිසිදු ඖෂධයක් සොයාගෙන නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article