Saturday, May 18, 2024

විපක්ෂනායක රනිල් !

Must read

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට තමා තීරණය කළ බව කථානායක කරු ජයසූරිය මහතා අද (නොවැ. 27 දින) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. තමා එම තීරණයට එළැඹුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව බවද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

2019 නොවැම්බර් 21 දින රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර එදිනම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමින් එක්සත් ජාතික පක්ෂයේ සහ යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස දැනුම් දෙන ලදී.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 40 ක පමණ පිරිසකගේ අත්සන් සහිත ලිපියක් කථානායකවරයා වෙත යොමු කෙරුණු අතර, එමගින් ඉල්ලා තිබුණේ එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙසය.

මේ අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා සිටින ලද්දේ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙන ලෙසය.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ හමුවක් ඊයේ (නොවැ. 26) දින සවස කථානායක නිල නිවසේදී සංවිධානය කොට තිබිණි. එම හමුව සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ තම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පැයක පමණ වේලාවක් කථානායකවරයා සමග සාකච්ඡා කරමින් පසුවූ නමුදු සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා නොපැමිණි බව ආරංචි මාර්ග පවසයි. අවසානයේ තමන් අසනීපයෙන් පසුවන නිසා සාකච්ඡාවට පැමිණීමට නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා පණිවිඩයක් එවා ඇති බවත් ඒ අනුව එම අපේක්ෂිත සාකච්ඡාව අසාර්ථක වූ බවත් එම ආර\චි මාර්ග තවදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර, ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රබල ලෙස සහයෝගය දැක්වූ පක්ෂ නායකයන්ද ඇතුළු පාට්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා හමුවීම හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම අපහසු වී ඇති බවයි.

කථානායක කරු ජයසූරිය මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක තනතුර සඳහා පිළිගනු ලබන්නේ මෙම පසුබිම තුළය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ සාකච්ඡා මගහැරීම හේතු කොට ගෙන ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමේ වගකීම කරු ජයසූරිය මහතා වෙත පිරිනැමිය යුතු යැයි පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් පිරිසක් විසින් යෝජනා කර ඇත. මීළඟ මහ මැතිවරණය අප්‍රේල් හෝ මැයි යන මාසයන්හි පැවැත්වීමට ඉඩ තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article