Saturday, January 11, 2025

විදේශයෙන් සේලයින් ගෙන්වීම සැප්තැම්බර් සිට නවතියි

Must read

විදේශයෙන් සේලයින් මිලදී ගැනීම ලබන සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් අවශ්‍ය සේලයින් නිශ්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙරට පෞද්ගලික ආයතනයක් සමග එක්වී සිදුකරන බවත් ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ කටයුත්ත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ(26) ලැබුණු බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක එම නිෂ්පාදන කටයුතු සිදුකරන බවද සඳහන් කළේය.එසේ නිපදවන සේලයින් රජයේ සිය රෝහල්වල අවශ්‍යතාවය සදහා ලබාදෙන අතර  සේලයින් කොටසක් විදේශයන්ට අපනයනය කිරීමට ද සැලසුම් කර තිබෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ‍ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article