Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

අල්ලස් කොමිසමේ අධි චෝදනා ඉල්ලා අස්කරගැනීමෙන් සේනාධිපති අල්ලස් නඩුවෙන් නිදහස්

Must read

ශ්‍රී ලංකා අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි තුනහමාරකට අධික අල්ලසක් ලබාදුන් බවට හා ලබාගත් බවට චෝදනා ලැබ සිට අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද (27) නිදහස් කළේය.

මෙම නඩුවෙන් අදාල විත්තිකරුවන් නිදහස් කිරීමට හේතු වී ඇත්තේ ඔවුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවේ අධිචෝදනා පත්‍ර අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීමයි.

විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රය අල්ලස් කොමසාරිස්වරුන් තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් යළි නඩු පැවරීමේ අයිතිය තබා ගනිමින් චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීතිඥ තුෂාරි ජයරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා අදාළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article