Friday, May 3, 2024

විදෙස් ගමන් බලපත් නිකුත් කිරීම අද සිට යළිත්

Must read

ඊයේ (13 ) උදෑසන ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳ වැටී තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද (14) සිට නැවතත් ආරම්භ කරන බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි

පාලක ජනරාල්වරයා සඳහන් කළේ, ඊයේ (13) බලපත්‍ර ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට අද දහවල් 12.00 සිට බලපත්‍ර ලබාගත හැකි බවයි.

එමෙන්ම දිනයේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට අද දිනයේ දෙපාර්තමේන්තුවේ වියදමින් විදේශ ගමන් බලපත්‍ර තැපැල් මගින් යැවීමට කටයුතු කරන බව ද පාලක ජනරාල්වරයා සඳහන් කළේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article