Saturday, May 11, 2024

නවසීලන්තයට හදිසි තත්වයක්

Must read

නවසීලන්තයට බලපා ඇති ” ගේබ්‍රියල්” සුළි කුණාටුව  හේතුවෙන් එරට හදිසි කළමණාකාරණඅමාත්‍යංශය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් නවසීලන්යේ ඔක්ලන්ඩ් හා ඒ අවට ප්‍රදේශ වලට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර තත්වය පහව ගොස් සති කිහිපයකට පසු මෙලෙස නැවතත් සුළි කුණාටු තත්වයකින් බලපෑම් එල්ල වී තිබේ.

නවසීලන්ත කාලගුණ ඒජන්සියට අනුව පසුගිය පැය 24ක කාලය තුල 100 mm – 260mm වර්ෂාපතනයක් නවසීලන්තයට ලැබී තිබේ. හෙට (15) දිනය වන විට තවදුරටත් සුළිකුණාටුවේ බලපෑම් වැඩිවිය හැකි බවත් ඒ හේතුවෙන් ගංවතුර හා තද සුළං ඇති විය හැකි බැවින් ඒ සම්බනදයෙන් වන “රතු ” නිවේදනයක නිකුත් කිරීමටත් නවසීලන්ත කාලගුණ ඒජන්සිය කටයුතු කර ඇත.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article