Monday, May 20, 2024

වාකරේ ගොවීහු පළමු වරට මුං අස්වැන්න නෙලති

Must read

(දෙවන සංස්කරණය ) පළමු වතාවට වගාකරන ලද  මුං අස්වනු නෙලීමේ උත්සවයක් පසුගිය 27 වනදා  මඩකලපුවේ වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කදිරවේලි ගම්මානයේදි  පැවැත්විණි.
කදිරවේලී ගම්මානයේ  පසුගිය මාස 3 තුළ ඉහත දී  ලැබුණ  ධාන්‍ය වලින් මුං  අක්කර 300 ක් පමණ වගා කරන ලදී. වාකරේ ප්‍රෙද්ශය ධීවර රැකියාව මූලිකකොටගත් සම්ප්‍රදායික ධීවර ප්‍රෙද්ශයක් වන අතර ගම්මාන වල වැසියන් දරිද්‍රතාවයෙන් ජීවත්වන පිරිසකි.
මෙම ගම්වාසීන් විසින් රජයෙන් ලබාදෙන මුං  බීජ වගාකිරිමෙනි.

මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ මඩකලපුව  දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නියෝජ්‍ය සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  සංවිධායක පරමසිවම් චන්ද්‍රකුමාර් විසිනි.
සංවර්ධන කමිටුවේ නියෝජ්‍ය සභාපති පරමසිවම් චන්ද්‍රකුමාර් මහතා කියා සිටියේ වාකරේ ප්‍රදේශය යුද්ධයෙන් හා සුනාමියෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ  බවත් එය ආර්ථික වශයෙන් පසුගාමී එකක් ලෙස සලකන බවත් සැලකිල්ලට ගෙන ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය වවුනියාවේ ආරම්භ කළ බවයි.

මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරයා විසින් සැලසුම් කරන ලද අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ සභාපති බැසිල් රාජපක්ෂගේ සෘජු උපදෙස් මත රටපුරා ක්‍රියාත්මක විය. එසේම, වාකරේ හි සංවර්ධන කමිටුවේ නියෝජ්‍ය සභාපති පරමසිවම් චන්ද්‍රකුමාර්ගේ මඟ පෙන්වීම යටතේ සෝලා කෘෂිකාර්මික නිෂ්පාදකයින්ගේ සංගමයේ මඟ පෙන්වීම යටතේ ධාන්‍ය වගා කිරීම සිදු කෙරේ. ප්‍රදේශයේ ජනතාව මෙයින් ප්‍රතිලාභ ලබා ඇති අතර ඔවුන් ජනාධිපතිවරයාට සහ සංවර්ධන කමිටුවේ සභාපතිවරයාට ස්තූතිවන්ත වූහ.


රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article