Thursday, May 9, 2024

වව්නියාවේ මළගෙදරකට පැමිණි 30 කින් 28 කට කොරෝනා ?

Must read

රටපුරාම වාර්තා වන්නේ අති බහුතරයක් දෙනා මේ වන විටත් වෛරසයට ග‌ොදුරු වෙමින් සිටින බවය.
පසුගියදා වව්නියාවේ මළගෙදරකින් වාර්තා වු පුවත සැබැවින්ම රට පත්ව ඇති බියකරු බව කියන්නට කදිමම නිදසුනකි.

වවුනියාව ඕලුමඩුව පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාවී වූ පුද්ගලයන් 28 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඔලුමඩුව, පට්ටේපිරින්දකුලම ගම්මානයේ නිවසක එම අවමංගල්‍ය උත්සවය පසුගිය 24 වැනිදා පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගී වූ පුද්ගලයින් 30 දෙනාගෙන් මෙලෙස 28 දෙනකුම කොවීඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි එම පුවතේ වැඩිදුරටත් වාර්තා වේ.

අවමංගල්‍ය උත්සවය පැවති නිවසේ පුද්ගලයන් දෙදෙනකුට හදිසියේ ඇතිවූ උණ තත්ත්වයක් මත වවුනියාව පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පසුව පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනුණි.

පසුව අනාවරණය කරගත් තොරතුරු මත අදාළ නිසසේ පැවති අවමංගල්‍ය උත්සවය සඳහා එක්වී සිටි පුද්ගලයන් 30 දෙනකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී මුල් දෙදොද සමගින් මෙම ආසාදිතයන් 28 දෙනා හඳුනාගෙන ඇත.

වව්නියාවේ මළගදෙර යනු ලංකාවේ මේ වන විට ඇති යථාව පිළිබදව ඉතා පැහැදිලි හරස්කඩකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article