Monday, May 20, 2024

‘අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුකිරීමේ අභ්‍යන්තර යාන්ත්‍රණය ගැන අපට විශ්වාසයක් නැහැ”

Must read


අභ්‍යන්තර යාන්ත්‍රණය පිළිබදව අපට කිසිසේත් බලාපොරොත්තු තැබිය නොහැකි බව අම්පාර දිස්ත්‍රික් අතුරුදහන් වූවන්ගේ සංගමයේ සභාපති තම්පිරාසා සෙල්වරාණි පවසයි.

අද (30) යෙදී ඇති අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් තම්බිලුවේ පිහිටි එම කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසීය. යුද්ධයෙන් අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුකරගැනීම සම්බන්ධයෙන් ඇය තවදුරටත් කතා කළාය.

අතුරුදහන් වූවන් සෙවීම සඳහා වූ අපේ අරගලය කෝවිඩ් වසංගතය හේතුවෙන් තවදුරටත් වීදියේ සිටගෙන කළ නොහැකි තැනට තල්ලු වී ඇත. ලෝක ඉතිහාසයේ අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවේ දෙමළ ජාතිකයන් වශයෙන් අපි දෙවැනි ස්ථානයේ සිටිමු.

අපිට අහිමිවූ පුද්ගලයින් නිසා අපි දරාගත නොහැකි වේදනාවක් විඳින්නෙමු. ඔවුන් සෙවීමේ අරගලයේදී දෙමාපියන් සියයකට වඩා අපට අහිමි වී ඇත. 48 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ට අනුව ශ්‍රී ලංකාවට තැන දිම වෙනුවෙන් OMP කාර්යාලය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ එක් රැයකින් පිහිටුවන ලදී. අපි මෙය තරයේ හෙළා දකිමු.
අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනයේදී බුද්ධි අංශ විසින් අපට බොහෝ සාහසික ක්‍රියාවන් සිදුකරන ලදී.

අප බලාපොරොත්තු වන අභ්‍යන්තර යාන්ත්‍රණය මවාපෑමක් වන අතර එහි අපට කිසිසේත් බලාපොරොත්තු තැබිය නොහැක. අපි ජාත්‍යන්තර ප්‍රජාව සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විශ්වාස කරමු. අපේ ගැටළුව විසඳන තුරු අපේ අරගලය අඛණ්ඩව සිදු කරන බවත් ඇය සඳහන් කළේය.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article