Saturday, September 21, 2024

වයස 60ට වැඩි අයට හෙට සිට තුන්වන මාත්‍රාව ලබාදීම ඇරඹේ.

Must read

වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව බස්නාහිර හා දකුණු පළාත් වලද,අනුරාධපුර හා අම්පාර දිස්ත්‍රික්ක වලද වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සදහා තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කර ඇති අය එම මාත්‍රාව ලබා ගත හැකි බවත් පළමු සහ දෙවැනි මාත්‍රාව ලෙස කුමන එන්නත් වර්ගයක් ගත්තද තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බවත් අමාත්‍යවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article