දකුණු ආසියාවේ අති දැවැන්ත පුස්තකාලයක් බදු වු යාපනය පුස්තකාලය 80 දශකයේ මුල් භාගයේදි නරුම ජාතිවාදින්ගේ ප්‍රහාරයන්ට ලක්ව විනාශ වි ගියේ පොත් වලිනුත් පළිගන්නා ජාතියක් යැයි ලොවට කියා පාමිණි.
සිදුවු ඒ විනාශය යළි කිසිදිනකත් පිරිමැසිය නොහැක්කක්ම වි ඇත.එහෙත් හදවත් ඇත්තෝ එදා මෙදා තුර කාලයේදි මේ පොත් ගුලට පොත් රැස්කරමින් වෙහෙසවෙන්නේ යළි කිසිදාකත් නිවරදි කළ නොහැකි යථාවකට අඩුපුරවන්නටද?එහෙත් යාපනය පුස්තකාලය වෙත කරනු ලබන මෙැවනි පරිත්‍යාගයන් විසින් බෙදාගැනෙන එක් සත්‍යයක් තිබේ.
එනම් මේ ඔස්සේ කියැවෙන සහෝදරත්වයේ පණිවිඩයයි.
අපට සමාවෙන්න.අප ඔබට යළිත් සහෝදරත්වයේ දෑත් දිගුකරනවා යන්නයි.
එන්න එකට හුස්ම ගන්න යැයි දකුණේ ජනයා කියද්දි ඒ උතුරේ ජනයාගේ හදවතට ඇසෙන්නට තවත් කොයිතරම් නම් කාලයක් යාවිද?
කල්පවතින සාමයක් වෙනුවෙන් මෙවැනි ගමන් බිමන් බෙදාගැනිම් උතුර දකුණ අතර ඇති පරතරය අඩුකරන්නට ඉවහල්වනවාමයි…..
උතුරු දකුණු යාකරන සංහිදියාවේ චාරිකාවේදි දකුණේ සහෘදයන් විසින් එක්රැස්කළ පොත් මළු කිපයක් ජනමාධ්‍ය ඇමතිවරයාතේ නියෝජ්‍ය ඇමතිවරයාත් මේ යාපනය පුස්තකාලයේ නිළධාරිණියකට ලබාදුන්නේය.
ඒ 2016 මාර්තු 27වනදාය.දකුණේ සිට උතුර එන සෑම අයෙක්ම පොත් මල්ලක් අරන් එන්නට හැකි සංස්කෘතියක් අපට නිර්මාණය කර ගතහැක්කේ නම් එය කොයිතරම් නම් අගේ ඇති දෙයක් වේවිද ?