Sunday, May 5, 2024

”ආමි වෙබ් අඩවියට” ගිය උතුරු දකුණු මාධ්‍යවේදින්ගේ සහෝදරත්වයේ චාරිකාව

Must read

 

20160315_ThalpathaiPanhindai_3

20160315_ThalpathaiPanhindai_2

20160315_ThalpathaiPanhindai_1තල්පතයි පන්ඳයි යන තේමාව යටතේ මාර්තු 26 වනදා කොළඹින් යාල්දේවි දුම්රියෙන් ගමන් අරඹන්නට නියමිත උතුරු දකුණ යාකරන මාධ්‍යෙව්දින්ගේ සංහිදියාවේ චාරිිකාව ගැන සටහනක් ආමි වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුණි.
එකි පුවතට පාදක වි තිබුනේ එන්න එකට හුස්ම ගන්න යන තේමාව මුල්කොට ගනිමින් ජනමාධ්‍ය අමාත්‍යංශයත් උතුරෙත් දකුණේත් මාධ්‍ය සංවිධාන එක්ව සංවිධානය කරනු ලබන සංහිදියාවේ චාරිකාවේ පෙර සුදානම් කටයුතු සදහා එහි සංවිධායක කමිටු නියෝජිත පිරිසක් යාපනය ආඥාපතිවරයා හා පැවැති විශේෂ හමුවයි
මෙම හමුවට එක්වෙමින් යාපනය ආරක්ෂක මුලස්ථාන අඥාපති මහේෂ් සේනානායක මහතා පවසා තිබුනේ කෑම බිම,ඉදුම්හිටුම් සහ ඇදුම්පැළදුම් වලින් මිනිසාගේ ජිවිතයට නැතිවම බැරි දෙයක් බවට මාධ්‍ය අද පත්ව ඇති බවය.
ඒ බැවින් සංහිදියාව රටතුල ගොඩනැගිමේ කාර්යයේදි මාධ්‍යවේදින් වෙත විශාල වගකිමක් පැවරි ඇති බවත් යෝජිත මේ සංචාරය ඒ සදහා හොද පදනම් සපයනු ඇතැයිද යනුවෙනි.එමෙන්ම තල්පතයි පන්හිදයි සංහිදියාවේ චාරිකාව සදහා හැකි සෑම සහයක්ම ලබාදිමට පියවර ගන්නා බවද ආඥාපති මහේෂ් සේනානායක මහතා අවධාරණය කර සිටියේය.

උතුරේ මාධ්‍යවේදින්ට තවමත්  ආරක්ෂක අංශවල එල්ල වෙමින් ඇති තර්ජන ගැන මාර්තු 27 වනදා යාපනය ආරක්ෂ අංශ මුලස්ථානයේ පැවැත්විමට නියමිත උතුරේ මාධ්‍යවේදින් හා ආරක්ෂක අංශ ප්‍රධානින් අතර වන සාකච්ජාව සංවිධානය කිරිම සදහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිෙර්ක ලේකම් බී.කේ.එස්.රවින්ද්‍ර මහතා ,මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු ප්‍රෙඩි ගමගේ ,වෘත්තිය පත්තර කලාවේදින්ගේ සංගමයේ සංවිධායක ගාමිණි බණ්ඩාරනායක ,උතුරු දකුණු මාධ්‍යවේදින්ගේ සංහිදියා සංචාරයේ ප්‍රධාන සම්බන්ධිකාරක ටැමිල් මිරර් පුවත්පතේ කර්තෘ ඒ.පි. මදන් ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශ නිළධාරින් පිරිසක් මෙම හමුවට සහභාගිව සිටින ලදි.

 

ඡයා- army.lk වෙබ් අඩවියෙනි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article