පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස සිටිමින් සිය වත්කම් හා බැරකම් හෙළි නොකිරීමට අදාල චෝදනාවට වරද පිළිගත් සජින් වාස් ගුණවර්ධන හිටපු ඇමැතිට කොළඹ අතිරේක මහේස්ත්රාත් අරුණි ආටිගල මහත්මිය අද දිනයේදී රුපියල් දහසක දඩයක් නියම කළාය.
2011 මාර්තු සිට 2012 පෙබරවාරි දක්වා සිය වත්කම් හෙළි නොකිරීමෙන් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම සජින් වාස් ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.