Saturday, May 18, 2024

වට්ටුවාගල් සප්ත කන්නිය විහාරස්ථාන මාර්ගයේ ගැටලුව විසදීමට පා.මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පැමිණෙයි

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවගල් සප්ත කන්නියාර් විහාරස්ථානයේ කළමනාකාරීත්වයේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා අද බදාදා (31) එම ප්‍රදේශයට පැමිණියේය.විහාරස්ථානයේ උත්සව සමය තුළ තීර්ත ගැනීම සඳහා මාර්ගය පිහිටා ඇත්තේ යුද හමුදාවේ අධි ආරක්ෂිත ජාලය තුළය.එම ප්‍රදේශයට ගොස් කටයුතු කිරිමට ඇති අවසරය වසර ගණනාවක් තිස්සේ හමුදාව විසින් අවහිර කර තිබුණි.

විහාරස්ථානයේ පාලනාධිකාරිය විසින් මේ පිළිබඳව මන්ත්‍රීවරයාගේ අවධානයට යොමු කළ කරුණු අනුව අද (31) මුලතිව් දිස්ත්‍රික් හමුදා අණදෙන නිලධාරී සහ කරයිතුරපත්තු ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු විහාරස්ථානයේ පාලනාධිකාරිය එම ප්‍රදේශයට පැමිණියේය.

මේ  අවශ්‍යතාව සහ ජනතාව මුහුණ දෙන අනතුරු පිළිබඳව මන්ත්‍රීවරයා හමුදා අණදෙන නිලධාරියාට පැහැදිලි කළ දේ අනුව ඉදිරියේදී බාධාවකින් තොරව ප්‍රශ්නය විසඳා ගැනීමට  අදාළ අවසරය ලිඛිතව ලබාදෙන බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු සඳහන් කරන ලදී.

මෙම ගැටලුවට විසඳුම් ලබාදීම පිළිබඳව චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයාට ප්‍රදේශයේ ජනතාව සිය කෘතඥතාව පළ කළහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article