Friday, September 20, 2024

රෝහින්ග්‍යා ඇතුළු සුළු ජාතීන්ගේ අයිතීන් ආරාක්ෂා කිරීමට අසමත් වූ ‘සුකී’ නැවතත් දේශපාලන සිරකාරියක් වෙයි

Must read

ඡායාරුපය උපුටාගැනීම – www.channel4.com

 

බුරුමය (මියන්මාරය) නායිකා අවුන්සාන් සුකී  ඇතුළු රජයේ ඉහල නායකයින්  කිහිපදෙනෙකු   මේ වනවිට එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වසරක් දක්වා හමුදා පාලනයක් ප්‍රකාශ කර තිබේ. පුරවැසි ඡන්දයෙන් බලයට පත් අවුන්සාන් සුකී මේ වන විට හමුදා අත්අඩංගුවේ පසුවන අතර මිලිටරි පාලනයක් රටපුරා නැවත ස්ථාපිත කර තිබේ. අන්තර්ජාල පහසුකම් සියල්ල නවතා දමා ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින සිවිල් හා දේශපාලන ක්‍රියාධරයින් රැසකගේ ජීවිත වලට තර්ජන එල්ල විය හැකි බව දේශපාලන විචාරකියන් අනතුරු අගවා තිබේ. හමුදා පාලනය බුරුමයට ආගන්තුක නොවන අතර ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජාතික ලීගයේ (National League for Democracy)  (NLD).නායිකා අවුන් සාන් සුකී වසර 15ක් පමණ දේශපාලන සිරකරුවෙකු ලෙස සිරගතව සිටිනු ලදී. පසුව 2010 වසරේදී ජ්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පසු ඇය නායකත්වය දරන පක්ෂය රටේ පාලක පක්ෂය බවට පත්වූ අතර ඇය රටේ නායිකාව ලෙස තේරී පත්විය.
හමුදා පාලනය පසුබැස්සද එරට තුළ වසර ගණනක් පුරා තිබූ විවිධ ජාතීන් අතර ගැටුම් අවසන් නොවූණි.
වසර ගණනක් හමුදා පාලනයෙන් මිදුන බුරුමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේදී සුකී ඇතුළු පාලක පක්ෂය විසින් ජාතීන්ට සමානව සැලකීමට අපොහොසත් විය.   බෞද්ධ ප්‍රජාවේ  ඒකාධිකාරයෙන් අනෙක් සුළු ජාතීන්  පිඩාවට පත්වෙමින් ඇති අතර පසුගිය කාලයේ ලෝකයේම අවධානයට ලක්වූ  රෝහින්ග්‍යා  ප්‍රජාවට බුරුමය තුළ විශාල වශයෙන් පීඩා විදින්නටත්,රටෙන් පිටුවහල්වීමටත් සිදුවූයේ සුකී ගේ පාලනය කාලයේදීය. අවතැන් වූ රෝහින්ග්‍යා ප්‍රජාව  සරණගතයන් බවට පත්වෙමින් වෙනත් රටවල් වල රැකවරන පැතූහ. බංග්ලාදේශය ඔවුන්ට වැඩි වශයෙන් රැකවරණ ලබාදෙන ලදී. බුරුමය තුළ රෝහින්ග්‍යා ප්‍රජාවගේ  ජීවත්වීමේ අයිතීන්  ආරක්ෂාකරදීමට  අවුන් සාන් සුකී අපොහොසත් වු අතර  වසර 2019 දී ඇයට යුක්තිය උදෙසා වූ ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේදී පෙනී සිටින්නට සිදුවුයේ  බුරුම හමුදා විසින් රෝහින්ග්‍යා ප්‍රජාවට සිදුකරන ලද අපරාධ වෙනුවෙනි.  ජාත්‍යන්තර අධිකරණය හමුවේ අවුන් සාන් සුකී බුරුම හමුදාව වෙනුවෙන් පෙනී සිටි අතර ඇය සියලු චෝදනා ප්‍රතික්සේප  කලාය. බුරුම හමුදාව රෝහින්ග්‍යා ප්‍රජාව සමූල ඝාතනය කළ බවට චෝදනා ඇති අතර කාන්තාවන් දූෂණය කර ඔවුන්ගේ නිවාස ගම්පිටින් හමුදාව විසින් ගිණිබත් කරන ලදී. ජාත්‍යන්තර අධිකරණය විසින් රෝහිනග්‍යා ප්‍රජාව සමුල ඝාතනය කළ බවට බුරුම හමුදාවට එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින්  අවුන් සාන් සුකී විසින් එරට හමුදාව ආරක්ෂා කරන ලදී. රෝහින්ග්‍යා ප්‍රජාවට බුරුමය තුළදී සිදුවූ හිංසනයන් ඉදිරියේ අවුන් සාන් සුකී සිය ජාත්‍යන්තර කීර්ති නාමය කෙලෙසාගත් අතර බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇයට ලැබුණ නොබෙල් ත්‍යාගය පවා නැවත පවරා ගන්නා තැනට ඇය අපකීර්තියට පත්විය. අවසානයේ  වසර ගණනක් දේශපාලන සිරකරුවෙකු ලෙස සිය ජීවිතයේ විශාල කාලයක් ගතකළ සුකී රටේ සියලු ජාතීන්ට සාමය උදාකිරීමට අසමත් වූ අතර නැවතත් මිලිටරි පාලනයක සිරකාරියක් බවට පත්විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article