Sunday, May 19, 2024

රෝගී මහළු මවකට ”ගමට පොලිසියෙන්” නව නිවසක් !

Must read

Home for poor 1පොලිස්පතිතුමන්ගේ  “ගමට පොලිසියක්” සංකල්පය යටතේ හෙම්මාතගම පොලිස් ස්ථානය මගින් පසුගිය මසක කාලය පුරාවට මහජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර ක්‍රියාවට නන්වන ලදී.

එම වැඩසටහන් අතර මුල් තැනක් ගත් හෙම්මාතගම, අම්බලාව ග්‍රාමයේ පදිංචි දිලිදු පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස නිවැසියන් වෙත භාර දීම පසුගිය සැප්තැම්බර් 04 වන දින කෑගල්ල කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කේ.ඩී.ඒ. සේරසිංහ මහතා විසින් සිදු කරන ලදී.home for poor 2

මෙම නිවස ඉදිකිරීම සදහා පොලිස් නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් මෙන්ම ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයද ලැබුණ අතර නිවස හිමි කාන්තාව වයෝවෘර්ධ තැනැත්තියක් වන අතර ඇයගේ දරුවන් දෙදෙනාම රෝගී තත්වයෙන් පෙලෙන අයවලුන් වේ.home for poor 3

නිවස භාරදීමේ අවස්ථාවට තෛයිආගමික නායකයින්, කෑගල්ල දිස්ත්‍රික් II භාර සහකාර පොලිස් අධිකාරී, ටී.එම්.ජී. තෙන්නකෝන්, හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක. මෙෂාන් ඉන්දුක ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදී.
www.police.lk

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article