Friday, May 17, 2024

රියදුරුගේ පාලනයෙන් මිදුනු දුම්රියක් කිලෝමීටරයක් පසුපසට ධාවනය වෙලා..

Must read

train

නාවලපිටිය සිටි කොටගල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් රියැදුරුගේ පාලනයෙන් මිදී පසුපසට ගමන් කිරීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙම දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කර ඇති අතර  දුම්රිය මීටර 1,000ක් පමණ ඉදිරියට ධාවනය වීමෙන් අනතුරුව රියැදුරාගේ පාලනයෙන් මිදී, පසුපසට ධාවනය වී ඇති අතර එසේ ගමන්කොට හැටන් දුම්රිය ස්ථානය පසුකොට නතර වී ඇති බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ. මේ සිදුවීම වන අවස්ථාවේදී මෙම දුම්රිය ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය දක්වා ඉන්ධන ප්‍රවාහනය කර තිබෙනවා.

අද අළුයම තුනට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර දුම්රියේ එන්ජිමේ වැකුම් නළයක් පුපුරා යාමෙන් පසු දුම්රියෙහි තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වීම නිසා මේ සිදුවීම සිදුව අැති බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පවසා සිටියේ. රියැදුරාගේ පාලනයෙන් මිදී පසුපසට ධාවනය වූ මෙම දුම්රිය ආරක්‍ෂක තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නවතා ගැනීමට හැකිවී තිබෙනවා. මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ එම දුම්රියේ ඩීසල් ලීටර 11,600ක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article