ඇෆ්ගනිස්ථානයේ පාලනය හිමි තලේයිබාන් සංවිධානය විසින් ක්රම ක්රමයෙන් ඇෆ්ගනිස්ථානයේ නීතිය ද වෙනස් කරමින් පවතින බව වාර්තා වෙයි.
තලේයිබාන් සංවිධානය විසින් පනවා ඇති නවතම නීති අනුව ඇෆ්ගනිස්ථානයේ හෙල්මන් ප්රාන්තයේ වැසියන්ට රැවුල කැපීම තහනම්ය. ඔවුන් විසින් හෙල්මන් ප්රදේශයේ වෙසෙන කරණවෑමින්ට නියෝග කර ඇත්තේ කිසිදු පුද්ගලයෙකුගේ රැවුල කැපීම හෝ කොට කිරීම සිදු නොකරන ලෙසටයි.කාබුල් අගනුවර වැසියන්ට ද මෙම නීතිය පනවා ඇති බව වාර්තා වෙයි
තලේයිබාන් සංවිධානය පවසන්නේ මෙම ක්රියාව ඉස්ලාමීය නීතියට පටහැනි බවයි.