Monday, April 29, 2024

රාජපක්ෂ රෙජිමය විසින් ඝාතනය කළ ජේෂ්ඨ මාධ්‍යවේදි නඩේෂන් මඩකලපුවේදි සැමරේ

Must read

 

 

 deva and priest

20160529_111213crowd

මහින්ද රාජපක්ෂගේ මීනිමරු කුලිහමුදාවන් විසින් ඝාතනය කළ නඩේෂන් මාධ්‍යවේදියාගේ 12 වන අනුස්මරණය 2016 මැයි 29වනදා මඩකලපුව නගරයේ රතුකුරුස රැස්විම ශාලාවේදි මිට පැවැත්විණි .අරියතුරෛයි නඩේෂන් ඝාතනයට ලක්වන විට පනස් වියේ පසුවු දෙදරු පියෙකි.
2004 මැයි 31 වනදා උදෑසන ඔහු මඩකලපුවේ පිහිටි සිය කාර්යාලය වෙත ඔහු වෙඩිතබා ඝාතනය කර තිබුණ අතර ඒ කරුණා කල්ලිය විසින් සිදුකරන්නට ඇති බව පසුව ප්‍රසිද්ධ විය.
වීරකේසරි පුවත් පත ඔහුගේ ප්‍රධානතම මාධ්‍ය දායකත්වය එක්කළ තැන වු අතර ශක්ති ටීවි සහ IBC මාධ්‍ය ආයතනයන් වෙතද ඔහු සම්බන්ධව සිටියේය.
2016 මැයි 29 වන දිනට යොදාගෙන තිබුණ 12 වන අනුස්මරණ සමරුව සදහා  ප්‍රදේශයේ දේශපාලන නායකයන්, ආගමික නායකයන් සහ මාධ්‍යවේදීන්ගේ  විශාල පිරිසක් එක්ව සිටියහ.
උතුරේත් දකුණේත් නැගෙනහිරිත් මාධ්‍ය ක්‍රියාකාරින්ගේ මුලිකත්වයෙන් ඇරඹි ඝාතනයට ලක්ව මාධ්‍යවේදින් සැමරිමේ සංස්කෘතිය ඉදිරියටද ගෙන යන බව මෙම සමරුවේදි අදහස් දක්වමින් මාධ්‍ය නිදහස සදහා ක්‍රියකාරි කමිටුවේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ අවධාරණය කර සිටියේය.
මෙම සමරුවට එක්ව සිටි නඩේසන්ගේ සමකාලින  මාධ්‍ය සගයෙකු ක්‍රියාසිටියේ නඩේසන්ගේ ඝාතනය සිදුවන්නට දින දෙකකට කලින් තමන් මඩකලපුවේ ඔරලෝසු කණුව යටදි නඩේසන් හමුවු මොහොතක පවතින  තත්වය හොද නැති නිසා රටින් පිටව සිටිම හොද යැයි ඔහුට ඒත්තු ගන්වන්නට උත්සාහ කළද එය අසාර්ථක වු බවය
නඩේසන් පැතු මාධ්‍ය නිදහස වෙනුවෙන් වු අරගලය දිගටම අත්නොහැර කරගෙන යා යුතු බව සමරුවට සම්බන්ධව සිටි සැමගේ එකම අවධාරණය වි තිබුණි.
ඡායා-අජිත් සෙනෙවිරත්න 1235678910101112

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article