නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය ඉදිරිපිට විවිධ අවස්ථා වලදි එක් එක් අයව සිය ජංගම දුරකතනය මගින් සම්බන්ධකරමින් සිදුකරගෙන යන මාධ්‍ය සංදර්ශනය ගැන දැනටමත් විවිධ විවේචන ඔහු වෙත එල්ල වෙමින් තිබේ.
විශේෂයෙන්ම විජයකලා මහේෂ්වරන් හිටපු ඇමතිවරයට දුරකථන ඇමතුමක් ලබාදී එය සජිවි ලෙසින් මාධ්‍යවලටද අනාවරණය කිරිමට පසුගියදා ඔහු කටයුතු කර තිබුණි.
රන්ජන්ගේ මේ ක්‍රියාව තමන් හෙළා දකින බව පසුගියදා අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
අදාළ උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්යකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පවසා සිටියේය.
“රන්ජන් රාමනායක මහතා කරපු දේ මම හෙළාදකිනවා. විශේෂයෙන්ම එතුමිය රන්ජන් රාමනායක ඇමතිවරයා සමග දුරකථනයෙන් කතා කරන්නේ ලොකු විශ්වාසයකින්. එහෙම මාධ්‍ය ඉස්සරහා කතා කරනව නම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතා කරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා”