Tuesday, September 15, 2026
spot_img

රත්නපුර සියලු උපකාරක පන්ති තවතා දමයි

Must read

කොවිඩ්19 වෛරස් ව්‍යාප්තිය අවදානම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය තුල සියලුම උපකාරක පන්ති නැවැත්විමට රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකාය තීරණය කර ඇත.

එමෙන්ම 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාග පැවැත්වෙන සියලුම විභාග මධ්‍යස්ථාන විශබීජහරණය කිරීමටද රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය සාධක බලකාය තීරණය කර ඇත.

මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයට අයත් නිවිතිගල,කලවාන, රත්නපුර,ගොඩකවෙල,ඉඹුල්පේ හා අයගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල පදිංචිකරුවන් 55ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. ඒ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පනවා නොමැති වූවත් හැකි තරම් සංචරණය සීමා කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article