Sunday, May 5, 2024

රට ලොක්ඩවුන් කළ යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Must read

මේ අවස්ථාවේ රට ලොක්ඩවුන් කිරීම කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.

“දෙරණ බිග් ෆෝකස්” වැඩසටහන සමග එක්වෙමින් ඔහු පැවසුවේ ඊට අවශ්‍ය තීරණ ගැනීමට දේශපාලන අධිකාරියට නිසි තොරතුරු ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවය.

“අපි පුදුම වෙලාවක් නාස්ති කළා හැමෝම මේක සමාජයේ පැතිරිලා නෑ කියන්න. මම ඉතාම පැහැදිලිවම කියනවා අනිවාර්යයෙන් ම සමාජ ව්‍යාප්තියක් තිබෙනවාමයි. සමහර වෙලාවට ලෙඩෙකුට ප්‍රතිකාර කිරීමේ දී යම් වැඩ කොටසක් කළ හැකියි. මේකෙ දි අපි කරපු වැරදි ටිකක් තිබුණා පිට පිට. අපි හරි කියන දේ මිනිස්සු ගාණකගේ ජීවිත ගානක් බිලිදෙන්න තරම් වටින දෙයක් නෙමෙයි. දැන් විශාල ලෙස සමාජ ව්‍යාප්තියක් තිබෙනවා. මේකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොනා හරි දෙයක් අරගෙන ඒක පෙන්නන්න පුළුවන් අපි අපිවම රවට්ටා ගැනීමක්. අනිත් අයව රවට්ටනවා ඒක පටන් ගන්නේ තමන්ව රවට්ටගෙන.“

ප්‍රශ්නය – ආණ්ඩුව පාර්ශවයෙන් සක්‍රීයව මේ මෙහෙයුමේ දායකවෙලා ඉන්න අයගෙන් ප්‍රශ්න කරද්දි  ඔවුන් සඳහන් කරන්නේ වඩාත් වේගයෙන් පැතිර යන ප්‍රදේශ හුදකලා කිරීම ප්‍රමාණවත් බව සෞඛ්‍ය අංශ කියලා ඇති බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ථාවරය කුමක් ද?

“ඉතාම පැහැදිලිව ම ග්‍රාම නිලධාරී මට්ටමින් කරන හුදකලා කිරීම් මේ අවස්ථාවට ප්‍රමාණවත් නෑ. තාම අපි ටැප් එක ඇරලා තියෙන වෙලාවක දුවලා ගිහින් ටැප් එක වහන්නේ නැතුව වතුර මොබ් කරලා අඩු කරන්න බෑ. ඒ නිසා අවම වශයෙන් දිස්ත්‍රික්ක වශයෙන් ලොක්ඩවුන් එකක් කරන්න ඕනේ. ඒ තත්ත්වය යටතේ දිස්ත්‍රික්ක අතර සංචරණය සම්පුර්ණයෙන් ම නවත්තන්න. මම දකින දේ තමයි මගේ සහෝදර අය ගොඩාක් දෙනෙක් අපි ලොක්ඩවුන් එකක් කළ යුතුයි කියලා හිතනවා. නමුත් ඒක කියන්න ආසා නෑ. මේක හොඳ නැති වචනයක් කියලා. වෘත්තිකයන් දේශපාලන අධිකාරිය වැරදි විදියට තේරුම් ගැනීම කියලා මම හිතන්නේ. දේශාපාලන අධිකාරියට ඒක පැහැදිලිව ගිහින් කියන්න ඕනේ. මට සමහරු කියනවා සමහර රැස්වීම්වලට ගියාම සෞඛ්‍ය අංශයේ අය කටවත් අරින්නේ නෑ කියලා. ඒ අය කියන්නේ නැතිනම් කොහොම ද දේශපාලන අධිකාරිය තීරණය ගන්නේ. සෞඛ්‍ය අංශයේ ඉහළ අය මේකට අවස්ථාව ලැබුණ අය මඟ ඇරලා තියෙනවා. ලොක්ඩවුන් කියන වචනය තහනම් වචනයක් ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵලක් හැටියට අපි ආර්ථිකයට අවම බලපෑමක් කරන විදිය සැලසුම් කිරීම පැහැර හැරලා තියෙන්නේ.“

(adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article