Friday, May 17, 2024

රජය වකුගඩු ජාවාරම පරීක්‍ෂා කළේ නෑ -වෛද්‍ය සංගමය

Must read

dc-Cover-20160114013737.original

වකුගඩු ජාවාරමක් පිළිබඳව මීට පෙර වාර්තා වූ අවස්ථාවේ දී ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන් බවත් ඒ සඳහා පියවර නොගැනීම රජයේ වරදක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එවකට සෞඛ්‍ය අමාත්‍යංශය ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් පවත්වා නැති බවක් පෙනෙන්නට ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ.

‘අපි පැහැදිලිවම ඒ අවස්ථාවේ දී මාධ්‍ය හරහා සහ සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන්නා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්න කියල. එතනින් එහාට ඒක අරගෙන නැත්නම් ඒක රජයේ වැරද්දක්.’ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසීය. හඬ පටය අමුණා ඇත.

ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණේ වකුගඩු ජාවාරමකට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු හය දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි.

වකුගඩු සැත්කම් නියාමනය කිරීම සහ ඒ සඳහා ක්‍රමවේදයක් පවත්වාගෙන යාම සම්පුර්ණයෙන් ම ආණ්ඩුවේ වගකීමක් බවයි බව වෛද්‍ය සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක මෙහි දී කියා සිටියේ.

වකුගඩු ජාවාරම පිළිබඳ වගකීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‘ගිණුමට බැර කිරීමට’ ඇතැම් කණ්ඩායම් සහ වෙබ් අඩවි උත්සාහ කරන බවයි වෛද්‍ය නවීන් ද සොයිසා පවසන්නේ.

දඬුවම්

කෙසේ වෙතත් ස්වාධීන පරීක්ෂණයකින් යම් වෛද්‍යවරුන් වැරදිකරුවන් බවට ඔප්පු වුවහොත් ඔවුන්ට දඬුවම් පැමිණ වීම කෙරෙහි තම විරුද්ධත්වයක් නොමැති බව ඔහු කියා සිටියේය.

රජයේ සහ පෞද්ගලික රෝහල්වල දී විදේශිකයන්ට සිදු කෙරෙන වකුගඩු සැත්කම් අත්හිටුවීමට රජය මේ වන විට තීරණය කර තිබේ.

 

 

http://www.bbc.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article